කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (26දා) පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත විය.
එම ජල පෝෂක ප්රදේශවලට අයත් මස්කෙලිය , නල්ලතන්නිය , නොර්වුඩ් , බගවන්තලාව සහ හැටන් යන ප්රදේශවලට පස්වරු 4.30 සිට පස්වරු 5 පමණ තෙක් ගිගුරුම් සහිත අධික වර්ෂාව පතිත විය.
පසුගිය මාස කිහිපය තුල එම ජල පෝෂක ප්රදේශවල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්රයෙන් පහල බැස තිබුණි.
පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් ඇතුළු ප්රදේශ රැසක පානිය ජල ගැටළුවක්ද මතු ව තිබුණි.
අද (26) දින පස්වරුවේ හැටන් ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්රධාන මාර්ගය හරහා වැසි ජලය ගලා බැසිමෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා ඇති විය.


