කාවන්තිස්ස මහ ඇතාව සුවපත් කිරීමට අවශ්ය සෑම වියදමක්ම දැරීමේ වගකීම තමන් භාර ගන්නා බවත් නමුත් එය සම්බන්ධීකරණය කිරීමේ වගකීම රජයට, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ ආයතන වලට අයිති බවත් ව්යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
තායිලන්තයේ මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද වෛද්ය කණ්ඩායම්, ඖෂධ සහ ප්රතිකාර ඇති බවත් ඒ සියලුම විය හියදම් දැරීමට තමන් සූදානම් අවස්ථාවක තවදුරටත් ප්රමාද නොවෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
