කාවන්තිස්සට වෙඩි තැබීමට තවත් පහක් අල්ලයි
කාවන්තිස්ස" ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වනජීවී දෙපාර්තමේන්තුව හා පොලීසිය ඒකාබද්ධව සිදුකරන මෙහෙයුම්වලට අදාළව තවත් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අනුව අදාළ සිදුවීමට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්යාව හයකි.
‘වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බලප්රදේශය කේන්ද්ර කරගනිමින් දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නීතියේ රැහැනට හසුකරගෙන ඇත
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ ප්රධාන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී තිබේ.
ප්රදේශය තුළ සිදු කළ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලදී තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ප්රදේශයේ ක්රියාත්මක වූ වෙනත් නීතිවිරෝධී මෙහෙයුම් හා අනුබද්ධ ක්රියාවලට සම්බන්ධ බවට සැක කෙරේ.
වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලීසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දැඩි ලෙස ප්රශ්න කරමින් සිටින අතර, අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්රියාත්මක වූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

