කාවන්තිස්සට ප්‍රතිකාර අරඹයි
වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා ඇතැයි සැලකෙන කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ආරම්භ කර තිබේ. ඇතාගේ පාදයක ඇතිව තිබෙන තුවාලයට අද(24) උදෑසන සිට නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්රමුඛ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කාවන්තිස්ස ඇතා සැරිසරන උස්ගල සියබලාන්ගමුව වැව ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ, අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ, පශු වෛද්‍ය ඉසුරු මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් සහ විශේෂ වෛද්‍ය කණ්ඩායම් එක්ව ඇතාගේ වත්මන් තත්ත්වය පිළිබඳ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරමින් පවතී.
ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පශු වෛද්‍ය කටයුතු නිරන්තරයෙන් ක්‍රියාත්මක අතර, පශු වෛද්‍ය කණ්ඩායම් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇතා පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් සිදු කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

