කාවන්තිස්ස හස්තියාට පළමුව ඇති වූ රෝගී තත්ත්වයෙන් සුව කළත් දෙවැනි අවස්ථාවේදී ඇතිවූ පාචන රෝගී තත්ත්වයෙන් හස්තියා බේරා ගැනීමට නොහැකි වූ බවත් පරිසර අමාත්ය ධම්මික පට බැ ඳි පැවැසීය.
විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
හස්තියා බේරා ගැනීම වෙනුවෙන් සියලු පාර්ශ්ව කණ්ඩායමක් ලෙස කටයූතු කළ බවද ඔහු පැවැසීය. "කාවන්තිස්සට ප්රතිකාර සැලකුවේ වනජීවීයෙක් ලෙස නෙමෙයි අපේම කෙනෙක් හැටියට සලකලයි"
මෙහි මූලික වගකීම පරිසර අමාත්යවරයා ලෙස තමන් භාර ගන්නා බවත් මේ වන විට විමර්ශන කටයුතු පැති කිහිපයකින් සිදුකරන බවද ඔහු කීවේය.