කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.
ඒ අනුව මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (21) දහවල් 3.30 සිට එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබේ.
අකුණු හා ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්හි දී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.