තද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍ර දේශ රළු සිට ඉතා රළු සිට ඉතා රළු දක්වා වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඉහතින් දක්වා ඇති ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2.3 – 3.5ක් පමණ වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.