පවතින සක්‍රිය නිරිත දිග මෝසම හේතුවෙන් බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නිවේදනය හෙට පෙරවරු 6 තෙක් වලංගු වෙයි.
මේ අතර අද පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩින් වාර්ා වී තිබේ. ඒම අගය මිලි මිටර් 103.5කි.