කාලකන්නි ගුරුවරුන්ද දේශපාලනයද? පාඨලී ප්‍රශ්න කරයි
වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිඵත්තියක් නොමැතිවීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා උසස් අධ්‍යාපනයට ඛේදවාචකයක් සිදුව ඇති බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
1943 සිට ලාංකිකයන් වශයෙන් අප සියලු දෙන භුක්ති විඳි නිදහස් අධ්‍යාපනය පසුගිය අවුරුදු එකහමාරක පමණ කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මේ අනුහසින් සම්පූර්ණයෙන්ම වැනසි ගොස් ඇති බව කණගාටුවෙන් උවද ප්‍රකාශ කිරීමට සිදුව ඇති බව ඒ මහතා පවසයි.
කොවිඩ් වසංගතය සමඟ දරුවන්ට හා ගුරුවරුන්ට එක විටම හිස මතට කඩා වැටුණු ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයද කිසිදු සුදානමක් නොතිබූ බව මේ වනවිටත් ඔප්පු වී ඇති බව චම්පික රණවක මහතා පවසයි.
ඒ නමුදු 2010 සිට ලොව පුරා ප්‍රවණතාවයක් සේ නැගී ආ මෙම මාර්ගගත අධ්‍යාපනය ක්‍රමයට යහපාලන රජය පය තබමින් සුහුරු පන්ති කාමර සංකල්පය ඒ සඳහා අවශ්‍ය උපකරණ, නොමිලේ ලබාදෙන ටැබ් පරිගණක පන්ති කාමරයට අවශ්‍ය අධිවේගී අන්තර්ජාල පහසුකම් යනාදිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කලද නව රජය පත් වීමත් සමඟ ඒ සියලු ක්‍රියාමාර්ගයන් අවලංගු කරනු ලැබූ බව ඒ මහතා පවසා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා අවදාරණය කර සිටියේ " අධ්‍යාපන අමත්යන්ශයෙන්ම ප්‍රකාශ වුණා නාගරික ප්‍රදේශ වල මේ අන්තර්ජාල අධ්‍යාපනය ලබන්නේ 60% ක් පමණ. ග්‍රාමීය ප්‍රදේශ වල 40% ක් පමණ කියලා.
මේකේ තේරුම තමයි මේ වනවිට නාගරික ප්‍රදේශවල ඉතිරි දරුවෝ 40%ත් අද ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි. ග්‍රාමීය ප්‍රදේශ වල ඉතිරි 60%ත් ඔන්ලයින් අධ්‍යාපනයට හැරිලා ඉවරයි.මේ නිසා ගුරුවරු තමන්ගේ ස්වෙච්ඡාවෙන් මේ කටයුත්තට බැස්සා.
මේ රටේ පාසල් යන වයස ඇති නමුත් පාසල් යන්නේ නැති සාමාන්‍ය පෙළ ළමුන්ගේ ප්‍රතිශතය තිබුනේ 40%යි. නමුත් දැන් අධ්‍යාපන අමාත්‍යංශය එම ප්‍රමාණය හරි අඩකටත් වඩා සිටින සේ ළමුන් පාසල් අධ්‍යාපනයෙන් එලියට ඇද දමා අවසන්.
සම්පත් තිබෙන පාසල් වල දෙමව්පියෝ, ගුරුවරු ආදි ශිෂ්‍ය සංගම් යම් යම් වැඩ පිළිවෙලවල් දියත් කළා මිසක් අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්පත් ලබාදීම ගැන හෝ ඒ වගේම මේ අධ්‍යාපනය නියාමනය කිරීම ගැන හෝ කිසිදු ප්‍රතිඵත්තියක් ඉදිරිපත් කලේ නෑ.
එම නිසා ගුරුවරු තම තමන්ගේ ස්වේච්ඡාවෙන් ඔන්ලයින් අධ්‍යාපනය සිදුකරගෙන යනවිට රජය විසින් ගුරුවරුන්ගෙන් ප්‍රගති වාර්තා ලබා ගත්තා.රජය කිවේ කුමක්ද? "අපි ඔබට පඩි වැටුප් ගෙවනවා. ඔබ මේක කළ යුතුයි කියලා." යනුවෙන් ඒ මහතා පවසා සිටියේය."

popular news
-
Deepal Nirosh Wednesday, 21 July 2021 08:26 PM
නැහැ මහත්තයෝ, අපේ රටේ දේශපාලඥයින් නෙවෙයි ඇත්තම කාලකන්නි, මේ වගේ කාලකන්නි බලයට පත් කරන්න හිතන කාලකන්නි ජනතාවක් ගොඩනඟපු අප රටේ ගුරු පරපුර තමා ඇත්තම කාලකන්නි.
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

