අපි කිසිම දේශපාලන බලපෑම්ක් විදුලිබල මණ්ඩලයට සිදු කරන්නේ නැහැ. අපි කියන්නේ කාර්යක්ෂමව වැඩ කරන්න කියන කාරණය. විදුලිබල මණ්ඩලයේ ව්‍යුහයේ ගැටලු ගණනාවක් තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් හැමෝටම වෘත්තීය ගෞරවය ඇතිවන විදිහට වැඩකරන්න අවස්ථාව අපි සලසා දෙනවා . නමුත් දේශපාලන අවශ්‍යතා මත මේකට ගැටලු ඇති කරනවා.
අදත් සුලු පිරිසක් අසාර්ථක උත්සාහයක් ගත්තා. අයිතිවාසිකම් රැකගන්න සේවකයන්ට බොරු කියලා රවට්ටලා දේශපාලනය කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා යැයි වැඩිදුරටත් පැවසීය.
ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය "සොබාදනවි" විදුලි බලාගාරයේ වීවෘත කිරීමේ අවස්ථාවට (සැප්තැම්බර් 17 දින) එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස පැවසීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය