කාර්මික ශිල්පීන් අද (24) මධ්‍යම රාත්‍රිය දක්වාත් අකුරට වැඩ
විදුලි සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය, නියමිත පරිදි අද (24) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය දන්වා සිටියි.
ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සියලු වෘත්ති සමිති එක්වී අද දහවල් අවසන් තීරණයක් ගන්නා බවයි එම සංගමය වැඩිදුරටත් දන්වා සිටියි.
මේ අතර විදුළි බල මණ්ඩල සියලු සේවකයන්ගේ නිවාඩු වහාම ත්‍රියාත්මක වන පරිදි අවලංගුකර ඇත. එසේම විදුලි සේවකයන්ගේ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සෙවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපතිගේ අත්සනින් යුත් අති විෂේශ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා සිට නිකුත් කර තිබේ.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය