කාර්මික දෝෂයකට ලක්වු ශ්‍රී ලන්කන් ගුයන් යානය කටුනායකට එයි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළේ දී ඉකුත් 04/15 දින කාර්මික දෝශයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
යානය තුළ කුඩා දරුවන් 05 දෙනෙකු සමග ගුවන් මගීන් 218 සිටි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය 17 දෙනෙකු සිටියහ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන මෙම ගුවන් යානය 04/17 දින උදෑසන 07.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 එයා බස් වර්ගයේ මෙම ගුවන් යානය ඉකුත් 04/15 දින රාත්‍රී 10.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබුණ ද ගුවන් යානය තුළ හට ගත් කාර්මික දෝශයක් නිසා එම ගුවන් ගමන අවලංගු කර තිබුණි.
පසුව මෙම ගුවන් යානය යථා තත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඉකුත් 04/15 දින රාත්‍රී ඕස්ට්‍රේලියාව වෙත ගොස් අදාළ අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව මෙසේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
popular news
-
D.P.Liyanage Monday, 17 April 2023 09:01 AM
ඔවු ශ්‍රීලංකන් සේවය අන්තයටම පිරිහිලා. අනෙක් එයාර්ලයින්ස් හා සසඳද්දී අහසට පොළව වගෙයි. කැබින් කෲ එකේ බොහෝ අය ගුවන් මගීන් සමග සුහදශීලි නෑ. පසුගිය වකවානුවේ ගුවන් සේවිකාවන් බඳවා ගත්තේ පන්දමටනේ. ඒවායෙ ප්‍රතිපල බොහෝයි දැන්. මම නම් දැන් "ශ්‍රීලංකන්" එකේ ගමන් යන්නේ නැහැ අනෙක් එයාර්ලයින්ස් තමා තෝරාගන්නේ. තත්වයෙන් පහලට වැටුන ගුවන් සමාගමක්.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

