කාර්තිව් ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන්වූ හයවන සිසුවාගේ සිරුරත් හමුවේ
කාර්තිව් - මාවඩිප්පලි මාර්ගයේ ට්‍රැක්ටරයක් ජල ප්‍රහාරයකට හසු වීමෙන් සිදු වූ අනතුරේදී අතුරුදන්ව සිටි අවසන් පාසල් සිසුවාගේ මළ සිරුර අද (30) සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
නාවික හමුදාව ,යුධ හමුදාව සහ පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුම් වලදී මෙසේ සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 16ක් වූ සමන්තුරය ප්‍රදේශයේ පදිංචි රමුලාන් මොහොම්මත් තස්රීෆ් යන පාසල් සිසුවාගේ මළ සිරුර බව පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් 06 දෙනාගෙන් පස් දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරුගේ සහ එහි ගමන් ගත් අයකුගේ ඇතුළු මෘත දේහ 07 ක් ඊයේ වන විට සොයාගෙන තිබිණි.
කාර්තිව් නින්දවුර් මදරාසා පාසැලේ සිසුන් පිරිසක් සහ තවත් ප්‍රදේශවාසීන් පිරිසක් ට්‍රැක්ටර් රථයක් මඟින් රැගෙන යමින් සිටියදී ඉකුත්දා මෙම අනතුර සිදුවී තිබිණි.
ජේ.ඉඳුරුවගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
