කාරක සභා සහ සම්බන්ධීකරණ කමිටුවල තරුණයින්ට අවස්ථාව ලබාදීමට අවධානය
තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුව තිබේ. ඒ එම සංසදය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මේ අනුව මේ සම්බන්ධයෙන් කථානායකවරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සංසදයේ සභාපතිවරයා පැවසීය.
එසේම සංසදයේ දැක්ම සහ මෙහෙවර නිවැරදිව සකසා ගැනීම, ජාත්‍යන්තර තරුණ සංසද සමඟ සම්බන්ධ වෙමින් මෙරට තරුණයන්ට පවතින අවස්ථාවන් වැඩිදියුණු කරගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම තාරුණ්‍ය මත්ද්‍රව්‍යවලින් ඈත් කිරීම සහ ව්‍යවසායකත්වය හා කර්මාන්ත වැඩිදියුණු කිරීමට අදාළව වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය.
ඒ අනුව තාරුණ්‍ය මත්ද්‍රව්‍යවලින් ඈත් කිරීම සම්බන්ධයෙන් සහ ව්‍යවසායකත්වය හා කර්මාන්ත වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කමිටු ද්විත්වයක් සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් පත්කර ගන්නා ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

