එප්පාවල කටියාව ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි කායවර්ධන ශිල්පියකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් එප්පාවල, ප්රියංකරගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල කටියාව යාය 06 පදිංචි ඩී.එම් විරාජ් ඉමංක නම් 34 හැවිරිදි දෙදරු පියෙකි.
පසුගිය සතියේ සෙනසුරාදා (10) දින පස්වරුවේ 6.30 ට පමණ මෙම කායවර්ධන ශිල්පියා නිවස ඉදිරිපිට වැටී සිටියදී ඔහුගේ බාල සොයුරා විසින් කටියාව යාය 09 රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අනතුරුව ඔහු වැඩිදුර ප්රථ්කාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ 61 වාට්ටුවේ දැඩිසත්කාර ඒ්කකයේ ප්රථිකාර ලබමින් සිටියදී පෙරේදා (15) පස්වරු 6.30 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
කායවර්ධන ශිල්පියාගේ මරණය සැලවීමත් සමඟින් ඔහුගේ පියාද, සිත් තැවුලට පත්ව වස පානය කර රෝහල් ගත කර ඇති අතර, ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්රථිකාර ලබයි.ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම කායවර්ධන ශිල්පියා නිවස ඉදිරිපිට වැටී සිටිමට පෙර බීමතින් පැමිණ නිවස අසල කෑ ගසා ඇති බවත්, කිසිවකුහෝ ඔහුට පහරදීමකින් මෙම මරණය සිදු වූයේද? මෙම කායවර්ධන ශිල්පියා ශරීරය වර්ධනය කර ගැනීම සඳහා උත්තේජක භාවිත කරන බැවින් ඒවායේ ප්රථිඵලයක් නිසා මරණය සිදු වූයේද? නැතහොත් වෙනත් රෝගී තත්වයක් නිසා මරණය සිදු වූයේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව ප්රියංකරගම පොලීසියේ උසස් පොලිස් නිළධාරියකු පැවසීය.
ජීවිතක්ෂයට පත් කායවරධන ශිල්පියාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය අද (17) අනුරාධපුර ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
