කාබනික පොහොර නිශ්පාදනයට ගෙන්වූ රු. කෝටි 4ක යන්ත්‍ර වතුරේ
වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සදහා රුපියල් හාරකෝටි, අසුනමලක්ෂ, හැත්තැහත්දහස් හයසියයක (48,977,600) මුදලක් වැයකොට Huller යන්ත්‍ර 112 ක් මිලදි ගෙන තිබුනද වර්තමානයේ කාබනික පොහොර නිෂ්පාදනය නොකිරිම නිසා ඒ සදහා වැයකොට ඇති මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙතරම් විශාල වියදමක් දරා යන්ත්‍ර හා උපකරණ මිලදි ගැනිමේ දි නිසි ශක්‍යතා අධ්‍යයනයකින් යුතුව මිලදි ගැනිම් කළයුතුව ඇති බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
එවකට පැවති රජය විසින් ගණු ලැබු ප්‍රතිපත්තිමය කරුනු හේතුවෙන් කාබනික පොහොර භාවිතයට කටයුතු කළ නිසා මෙම යන්ත්‍ර එම වකවානුවේ දි ප්‍රතිලාභින්ට ලබා දි ඇති බැව් වයඹ පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. නැවත කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර භාවිතා කිරිම නිසා කාබනික පොහොර නිෂ්පාදනය අඩුවිම හේතුවෙන් මිලදි ගත් යන්ත්‍ර නිශ්කාර්යව පවතින බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
වයඹ පළාත් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

