වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝජනය ගත නොහැකි තත්වයට පත්ව තිබේ.
අර්තාපල්, කැරට්, බීට් ඇතුළු උඩරට එළවළු වගාවන් හි පණු රෝග සඳහා කාබනික විකල්පයක් රජය හෝ කෘෂිකර්ම බලධාරීන්ට නැත. ප්‍රමිතියක් සහිත කෘමිනාශක නොමැතිවීම පණු හානිය පාලනය කළ නොහැකිවී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ප්‍රමිතියකින් තොර කාබනික පොහොර විවිධ පණු බිත්තර සඳහා පෝෂණ මාධ්‍යයකි. කාබනික පොහොර සමඟ ඒවා උඩරට වගා බිම් පුරා පැතිර ඇත. වැලිමඩ සරුසාර අල වගාව මේ පණුවන්ට ආහාරය බවට පත්වන අතර, පණු වර්ග මර්ධනයට කාබනික පිළියමක් නැත. වැලිඩම රසම රස අල ගෙඩි දැන් පණු කැඳළි පිරී ඇති අතර, ගොවීහු ඒවා වගා බිමේ අතහැර දමති.
පොහොර තහනම හා කෘමි හානිය නිසා උඩරට අල සහ එළවළු වගාව මේ වන විට 50% කින් පමණ අඩු වී ඇත. වගාවට අත්‍යවශ්‍ය ප්‍රමිතියක් සහිත කිසිදු දිලීර හා කෘමි නාශක නොමැතිවීම නිසා ගහේ වැලේ හැදෙන දෑ ආහාරයට ගත නොහැකි තත්වයට පත්ව ඇත.