බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ යක්කලමුල්ල තෙල්ලඹුර මීගහවෙල මාර්ගය රුපියල් මිලියන 22.5 වියදමින් කාපට් කිරීම සිදුකර ඇති අතර එහි තත්වය ප්‍රමිතියෙන් තොර බව සඳහන් කරමින් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ (පොදු පෙරමුණ) සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීන් අද (23දා) කොට්ටව මංසන්ධියේදී ගාල්ල - උඩුගම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.
උද්ඝෝෂණයට එක්වූ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති යූ. ජී. පියදාස මහතා පවසන්නේ නිසි ප්‍රමිතියෙන් තොරව මෙම මාර්ගය කාපට් කිරීම සිදු කර ඇතත් කිසිවකු මේ පිළිබඳව නිසි අධීක්ෂණයක් සිදු කර නොමැති බවයි. මෙම තත්වයත් සමඟ කොට්ටව මංසන්ධියට රැස් වූ පිරිස ගාල්ල - උඩුගම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක වුහ. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය විධිමත්ව සකස් කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු අතර තමන්ගේ ගමට ප්‍රවේශ වන මාර්ගය නිසි පරිදි සකස් කර දෙන ලෙසයි. මේ වන විටත් එලනු ලැබූ කාපට් කැඩී යමින් පවතින ආකාරය ද මන්ත්‍රීවරු එම මාර්ගයට ගොස් පෙන්වා දුන්හ.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්


