කාන්තාවන් මුදලට අලෙවි කළ කාන්තාවක් අල්ලයි
කාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබී ඇති අතර පොලිසියට ලද තොරතුරක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් උපාය දූතයෙකු කාන්තාවක් මුදලට මිලදී ගැනීමේ මුවාවෙන් යොදවා වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20 සහ 43 අතර පසුවන මිද්දෙණිය කහටගස් තැන්න, ගංකන්ද, මැදවච්චිය බුත්තල, මොරටුව පොතුවිල් රක්වාන රත්මලාන හා වාද්දුව පදිංචිකාරියක් ය
සැකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
