කාන්තාවන් තිදෙනෙකුගේ ගැටුමින් එක් කාන්තාවක් මිය යයි
කාන්තාවන් තිදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව ඇති බව හැටන් දිඹුල පතන පොලීසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් ව ඇත්තේ හැටන් කොටගල ෆොරොස්ට් ක්රික් වතු යායේ පදිංචි විශ්වනාදන් අම්මා නැමති කාන්තාවකි.
පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා මව සහ දියණිය වෙයි. ජිවිතක්ෂයට පත් 42 හැවිරිදි කාන්තාව හා සැකකාරියන් එකම වතු නිවාස පේළියක පදිංචිකරුවන් වෙයි.
අද (19) දින උදැසන 11.30 ට පමණ ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් සැකකාර මව සහ දියණිය විසින් මුගරකින් පහර දි විශ්වනාදන් අම්මා නැමති කාන්තාව ඝාතනය කර තිබේ. සැකකාරිනියන් අත්අඩංගුවට ගත් දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
සැකකාරිනියන් දෙදෙනා පහර දි ඝාතනය කර ඇත්තේ සැකකාර මවගේ සැමියාගේ දෙවනි බිරිද බවද පොලිසිය පැවසිය.
ජිවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර කොටගල ප්රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

