හිස නැති කාන්තා මළ සිරුරට අදාළව හිස සොයා ගැනීම සඳහා මේ වන විට පොලිස් නාවික කොට්ඨාසය විසින් කැළණි ගඟේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“හිස නැති කාන්තා මළ සිරුර හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයට අදාළව මවගෙන් හා සහෝදරයාගෙන් සාම්පල ලබා ගත්තා.
මෙම කාන්තාව නිවසින් රැගෙන ආ බෑගයක් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
යුවළ නැවතී සිටියේ කැළණි ගඟ ආසන්නයේ පවතින ලැඟුම් හළක. ඒ අනුව කාන්තාවගේ බෑගය සමග හිස කැළණි ගඟට දමන්න ඇත්දැයි සැකයක් තිබෙනවා.
ඒ අනුව පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් 8ක් පමණ මෝදර සිට හංවැල්ල දක්වා බෑගයක් සෙවීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා”