කාන්තාවක පැහැරගෙන ගොස් පහරදුන් කාන්තාවක් හා ඇගේ පුතා අත්අඩංගුවට
කුඩා දරුවෙකු සහ කාන්තාවක මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසකට පැහැරගෙන ගොස් එම කාන්තාවට දරුවා ඉදිරියේදී අමානසිකක ලෙස දුන් බව කියන මහයියාව ප්‍රදේශයේ වාහන අලෙවි ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් සහ ඔහුගේ පුත්‍රයා මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑමට වූ ලක් වූ කාන්තාව අස්ගිරිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනගම ලබන තම කුඩා දරුවා රැගෙන යමින් සිටියදී එම දරුවා සහ කාන්තාව එසේ පැහැරගනන ගොස් අනිවත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් පහර දෙමින් සිටියදී අදාල ව්‍යාපාරිකයාට ඒ බව ආරංචි වී ඔහු එම ස්ථානයට පැමිණ ඔහුගේ බලපත්‍ර සහිත රිවෝල්වරය ගෙන අහසට වෙඩි තබා ඔවුන් දෙදෙනා බේරාගෙන රැගෙන ගොස් ඇති පහර කෑමට ලක් වූ කාන්තාව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වීමෙන් පසු අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර පසුව ඔවුන් ඊයේ (04) නීතිඥවරුන් මාර්ගයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට බාර වු බව පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරික පවුල ඉකුත් රජය සමයේ කළුතර ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගොස් ප්‍රබල අමාත්‍ය ධුරයක් දැරූ දේශපාලනඥයෙකුගේ සමීප ඥාතීන් බවද පොලිසිය කියයි.
අදාල ව්‍යාපාරිකයා සමග පහර කෑමට ලක් වූ කාන්තාව අනියම් සම්බන්ධතාවයක් පවත්වන බව පවසමින් එය නවත්වන ලෙස බල කරමින් මෙම පහරදීම සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති බවද පැවසේ.
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

