බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හෙල හල්පේදී ඊයේ (7දා) සවස සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ මහා මාර්ග කම්කරුවෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
තුවාල ලැබූ කාන්තාව බණ්ඩාරවෙල සිට හල්පේ දක්වා ජිප්රිය පදවාගෙන එද්දී ඉදිරියට පැමිණි මෝටර් රථයක ගැටී වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ආරක්ෂක කණුවල තින්ත අලේප කරමින් සිටි පුද්ගලයෙක්ද අනතුරට ලක්කරමින් මාර්ගයෙන් ඉවතට පෙරලී බදුළු ඔයට වැටී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .
ඇල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
පාලිත ආරියවංශ
