කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් , ඉතාලිය බලා 04/23 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සනාථ කළේය .
එහිදී උන්වහන්සේ ඉතාලියේ රෝමයේ පැවැත්වෙන ස්වර්ගස්ථ වූ ප්රැන්සිස් පාප් වහන්සේගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීමට නියමිතය .
උන් වහන්සේ 04/23 දින උදෑසන 09.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිතය .