කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවිම අරඹයි - මගියාට අමතර මුදල් අයවිමක් නෑ
විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම අද ( 24 ) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීම, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර විනිවිදභාවය තවදුරටත් තහවුරු කිරීමටත් මෙම සේවාව ආරම්භ විය.
බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී පැවැසීය. බැංකු ගාස්තුව ගෙවීම බස් හිමියන් වෙත පැවරේ. ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේ. කාඩ්පත් මගින් බස්ගාස්තු ගෙවීම් වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
එහිදී හඳුනා ගැනෙන ප්රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ක්‍රමවේදය මගින් බස් මගීන්ට සිය ගමනාන්තය වෙනුවෙන් නියමිත මුදල පමණක් ගෙවීමේ හැකියාව ලැබේ. ඊට අමතරව බස් හිමියන්ට ද ප්රතිලාභ හිමිවන බව, බස් ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ කරමින් අද සඳහන් කළේය.
බස් මාර්ග කිහිපයක අද සිට මෙම ක්‍රමවේදය ඇරඹෙයි. හෙට සිට තවත් මාර්ග කිහිපයකට ක්‍රමවේදය හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

