කාටවත් 113 නැතිවුණොත් බම්බු ගහන්න තමයි වෙන්නේ
ව්‍යවස්ථාව අනුව රට පාලනය කිරීමට ජනපතිවරයා සිටිය යුතු බවත් ඔහු ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් ඇති පුද්ගලයා වැඩ බලන ජනපති වෙන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
යම් හෙයකින් කිසිවෙකුට පාර්ලිමේන්තුව තුළ 113 නිර්මාණය කර ගැනීමට නොහැකිවුවහොත් එවිට ගැටලුවක් ඇති වන බවත් ඔහු පැවැසීය.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හා පක්ෂ 11 සාමාජිකයන් අතර ඊයේ පැවැති හමුවකින් අනතුරුව විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේය.
“පොදු ජනතාව, මහා නායක හිමිවරුවන්, කාදිනල් තුමන්, වෘත්තීය සංවිධාන, මේ හැමෝම ප්‍රකාශ කර තියෙනවා අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වෙලා නව අන්තර් කාලීන ආණ්ඩුවට ඉඩ දෙන්න කියලා. ඉතින් එතුමා (අගමැති) පරිනත දේශපාලඥයෙක් විදිහට ඒ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න ඕන.
Q ඔය යෝජනාවලිය අනුව ජනපතිතුමා හිටියට කමක් නැත්ද අන්තර් වාර රජයේ?
A මේ තියෙන ව්‍යවස්ථාව අනුව ජනපතිවරයෙක් නැතිව රට පවත්වාගෙන යන්න බෑ. ජනපති යැව්වොත් වෙන්නේ පාර් ලිමේන්තුවේ 113ක කැමැත්ත තියෙන කෙනා වැඩබලන ජනපති වෙනවා. කාටවත් 113 නැතිවුණොත් බම්බු ගහන්න තමයි වෙන්නේ.
popular news
-
LGPJ Wednesday, 27 April 2022 08:40 AM
No. Beat the drums . It is very comfortable for you my dear .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

