ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තම වැටුප ක්‍රීඩා අරමුදල සඳහා බැර කිරීමට කටයුතු කළේය.
සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පැවැත්විය. එහිදී රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්‍රීඩාවට භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් සීමා වීම පිළිබදව සාකච්ඡා කෙරිණි.
මුදල් සීමාවීම හේතුවෙන් ක්‍රීඩකයින්ට අගතියක් නොවන පරිදි සියලු පහසුකම් අඛණ්ඩව සැපයීම සඳහා ක්‍රීඩා අරමුදල ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා එහිදී සදහන් කළේය. ක්‍රීඩකයින්ගේ විදෙස්ගත වීම, අවශ්‍ය පෝෂදායී ආහාර ලබා ගැනීම, පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වැනි කාර්යයන් අතපසු නොකළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ සදහා දායකත්වය ලබාදීමටත්, අන් සියලු දෙනාගේ සහයෝගය ලබා ගැනීමට ද ආදර්ශයක් වෙමින් තම වැටුප ක්‍රීඩා අරමුදලට බැර කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.