ක්‍රීඩා අමාත්‍යවරයෙකුට දෙන රුපියල් බිලියන 2 මට ලැබුණේ නෑ
ක්‍රීඩා අමාත්‍යවරයෙකුට මහා භාණ්ඩාගාර අරමුදලෙන් බිලියන 2ක මුදලක් ලැබෙන බවත් තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් දී මහා භාණ්ඩාගාර අරමුදල හිස්ව තිබුණු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (18) උදෑසන පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන්මග වැඩසටහන යටතේ "ක්‍රිකට් ගමට" යන සංකල්පය තේමා කරගනිමින් ගම්මානවල සහජ දක්ෂතාවය ඇති ක්‍රිකට් වලට ක්‍රිකට් කුසලතාවය ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ගවේෂණ වැඩසටහන අද (18) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර මෙහි අරමුණ වී ඇත්තේ තරගකාරිය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසැල් වල ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේෂණය කර අනතුරුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
"දක්ෂයා තෝරගන්න අපේ ගම්වල ඕනෑ තරම් අර්ජුන රණතුංග වැනි දසුන් වැනි දක්ෂයෝ ඉපදිලා බිහිවෙලා මැරිල යන්නත් ඇති දක්ෂ මලල ක්‍රීඩක වත් මෙවැනි අය ඉපදිලා මැරිලා යන්නෙත් ඇයි ඒ දක්ෂතා සොයලා බලන්න ඒ අයගේ දක්ෂතාවයක් තියෙනවා ද කියලා අධික්ෂණය කරන්න අපි අපේ හෘද සාක්ෂියෙන් අහල බැලුවොත් අපේ වගකීම් ඉටු කලාද කියලා එතන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.
අපි පවත්වනවා ක්‍රීඩා උළෙලවල් අති විශාල මුදල් සම්භාරයක් නාස්ති කරනවා. දක්ෂයෝ තෝරගන්න ගමට බැහැලා ඒ දක්ෂයන්ට අවශ්‍ය පහසුකම් ටික ලබාදීමයි අවශ්‍ය වෙන්නේ. මම සතුටු වෙනවා ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට පත් වෙන්නට පෙර එදා මේ රටේ තිබ්බ අර්බුද තත්වය එදා ක්‍රීඩා අමාත්‍යවරයෙකු පත් වෙනකොට ක්‍රීඩා අමාත්‍යංශයේ අවම භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල තමයි බිලියන දෙකක් ඒ කියන්නේ කෝටි දෙසීයක් හැබැයි මම අමාත්‍යංශය භාර ගද්දි මුදල් නැහැ.
අනුග්රහකයින් ගේ සහයෝගය අරගෙන ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින්ගේ කැපවීම නිලධාරීන්ගේ මහන්සියෙන් ඒ කළමනාකාරිත්ව තුළ ඒ ලබා දුන්න සහයෝගය එකතුකරගෙන තමයි අනෙකුත් සියලුම ක්‍රීඩා වෙනුවෙන් අදටත් අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙන්න"
popular news
-
prachanda Tuesday, 20 September 2022 10:19 AM
Ewa nikan Putu rathkarakara inna Gembanta denne nehe Weddanta pamanai denne.
Reply : 0 0
prachanda Tuesday, 20 September 2022 10:24 AM
Aa Meka ara japaneta gihin ahinsaka Srilankikayo ekathu karagenahiti Parana wahana amathara kotas Marshiyadala gannda hada pu eka neda ae Thopitath Payana wene Bolaw.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

