ක්රිප්ටෝවලින් ට්රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
2025 සඳහා ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අනිවාර්ය මූල්ය වාර්තාවට අනුව ක්රිප්ටෝ කරන්සි ගනුදෙනු වලින් ඩොලර් බිලියන 1 කට (£ 750m) වඩා ආදායමක් උපයා ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.
පිටු 927 කින් යුත් වාර්තාවක දැක්වෙන්නේ ඔහු බලයට පත්වීමට දින තුනකට පෙර දියත් කළ ට්රම්ප් මේම් කාසියකින්ද ඔහු ඩොලර් මිලියන 635 ක ලාභාංශ වාර්තා කර ඇති බවයි. මෙම කාසියේ වටිනාකම් පහළ බසිමින් පවතින බවද මාධ්ය වාර්තා කරයි.
ඔහුගේම පුතුන් සහ ඔහුගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගේ දරුවන් විසින් ආරම්භ කරන ලද ක්රිප්ටෝ කරන්සි මුදල් සමාගමක් වන වර්ල්ඩ් ලිබර්ටි ෆයිනෑන්ෂල් වෙතින් ඩොලර් මිලියන 500 කට වඩා ආදායමක් ද ඔහු වාර්තා කළේය.
දේපළ වෙළඳාම් සහ ට්රම්ප් තේමාවෙන් යුත් අයිතම වලින් තවත් මිලියන ගණනක් උපයා ඇති බව මූල්ය වාර්තාවල
දැක්වෙයි. නමුත් ඔහු ජනාධිපති ධුරයෙන් ලාභ ලබන බව ධවල මන්දිරය ප්රතික්ෂේප කළේය.
ඔහුගේ නවතම මූල්ය වාර්තාවලට අනුව ට්රම්ප් ඩොලර් මිලියන 600 කට වඩා ආදායමක් හෙළි කළ 2024 වඩා 2025දී කැපි පෙනෙන ආදායමක් වාර්තා කර තිබේ.
නමුත් ට්රම්ප් තම ව්යාපාරය ඔහුගේ පුතුන් විසින් කළමනාකරණය කරන භාරයක් යටතේ තබා ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති ධවල මන්දිරය ලබඳියාවන් අතර ගැටුමක් ප්රතික්ෂේප කර තිබේ.
ධවල මන්දිර නියෝජ්ය මාධ්ය ලේකම් ඇනා කෙලී පැවසුවේ ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය "ලෝකයේ ක්රිප්ටෝ අගනුවර" බවට පත් කළ බවයි.
ට්රම්ප් වරක් ක්රිප්ටෝ කරන්සි විවේචනය කළ අතර බිට්කොයින් "වංචාවක්" සහ "සිදුවීමට බලා සිටින ව්යසනයක්" බවට එක්වරක් හැඳින්වීය.
නමුත් අඟහරුවාදා ඔහුගේ නවතම මූල්ය වාර්තාවලට අනුව ක්රිප්ටෝ කරන්සි හරහා ඔහු උපයා ඇති ධනය
ඔහුගේ දේපළ වෙළඳාම් ව්යාපාරයෙන් ලැබෙන ආදායම ඉක්මවා ගොස් තිබේ.
ඔහු තම මාර්-ඒ-ලාගෝ සමාජයෙන් ඩොලර් මිලියන 77 ක් සහ ෆ්ලොරිඩාවේ ඩොරල් හි ඔහුගේ ගොල්ෆ් සමාජයෙන් ඩොලර් මිලියන 122 ක් පමණ උපයා ඇත.
ඔහු නිව් ජර්සි හි බෙඩ්මින්ස්ටර් සහ ෆ්ලොරිඩාවේ ජුපිටර් සහ ස්කොට්ලන්තයේ ටර්න්බෙරි හි ගොල්ෆ් සමාජ වලින් ඩොලර් මිලියන 30 කට වඩා උපයා ඇත.
මූල්ය හෙළිදරව්වට අනුව ට්රම්ප් වෙනත් ව්යාපාරවලින් මිලියන ගණනක් උපයා ඇත. ට්රම්ප් සන්නාමගත ඔරලෝසු, බයිබල්, සුවඳ විලවුන් වැනි ව්යාපාරවලින්ද ඩොලර් මිලියන 4.7 ක් උපයා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
