ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (09දා) ඉදිරිපත් කිරීමට නියමිතය. මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමත් එසේම ණය ලබාදෙන ව්‍යාපාර සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මින් අපේක්ෂා කෙරේ.
ඒ අනුව මෙම පනත සම්මත වූ පසු මේ වන විට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර සිටියේ ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කර ගනිමින් සේවය සපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සිදුවන සේවාවන් ඔවුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම සහිත අධිකාරියක නියාමනය යටතේ සිදු කිරීමට අදාළ ආයතනවලටද පහසුවක් බවයි.
එසේම දෛනිකව මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 300෴ ඉක්මවූ වාර්ෂික පොලී අනුපාත අයකරනු ලැබූ අවස්ථා පිළිබඳ මින් පෙර වාර්තා වී ඇති බවත් ඒ හේතුවෙන් සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල් වැනි තත්ත්වයන් වර්ධනය වූ අවස්ථාවන් පිළිබඳ වාර්තා වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අවශ්‍යතාව සහ මේ වන විට ක්‍රියාත්මක සේවාවන් පිළිබඳ අවධානය යොමු කරමින්, ඒවායෙහි සේවා මෙම කෙටුම්පත මගින් විධිමත් කෙරෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.