පවත්නා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු සහ නිල්වලා ගංඟා ආශ්රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගඟ ධාරා ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු ගඟ පිටාර මට්ටමට ආසන්න පහත් බිම්වලත්, නිල්වලා ගඟේ ධාරා ප්රදේශයන්ට ලැබුණු වර්ෂාපතයට හේතුවෙන් මාතර දිස්ත්රික්කයේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර, කඹුරුපිටිය, මුලටියන සහ දෙවිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පහත්බිම්වලත් ඉදිරි පැය 24ක කාලයේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම නිසා ඒ ප්රදේශවල පදිංචි ජනතාව මෙන්ම ඒ ප්රදේශ හරහා ගමන් කරන ජනතාව ද විමසිල්ලෙන් පසුවිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.