ජනතා හඬට සවන් නොදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ මහජන සටනට සහය පල කරමින් වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (20දා) දීප ව්‍යාප්ත කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි රාජ්‍ය ආයතනවල, අර්ධ රාජ්‍ය ආයතනවල සහ අවිධිමත් අංශය නියෝජනය කරන සේවකයන් සිය දහවල් කෑම පැය තුළ විරෝධතාවන්හි නිරත වූහ. එ අනුව කොළඹ දිස්ත්‍රික් විරෝධතාව කොටුව දුම් රිය පොළ ඉදිරිපිට දී පැවැත්වුණු අතර, රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ අවිධිමත් අංශය යන අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් විරෝධතාවට එකතු වූහ.
කළු ඇඳුමින් සැරසුණු විරෝධතා කරුවන්ගේ මූලික සටන් පාඨය "ජන මතයට හිස නමනු ! - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යනු !" වශයෙන් සඳහන් වුවත්, බඩු මිල අඩු කරනු, සියලු ම කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට වහා කටයුතු කරනු, ජනතාව පෙළන ගැටලුවලට වහා සහන සලසනු, IMF යනු උගුලක් මිසක් විසඳුමක් නොවේ සහ ජන අරගල මර්දනය නවතනු ආදී වූ විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් විරෝධතාවෙහි නිරත වූහ.



