අද උදෑසන 8.30 ට පමණ දකුණු කළුතර, වෙට්ටුමකඩ මුස්ලිම් පල්ලිය පාර ප්රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර සිදු වූ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වැඩි දුර තොරතුරු අණාවරණය වෙයි.
තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය