කළුතර බන්ධනාගාරයේ රදවාසිටී රැදවියෙකු පහරදීමක් හේතුවෙන් අද (26දා) අළුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මෝල්කාව, කරව්ව ප්රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නමැති 46 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය. මියගොස් ඇති තැනැත්තා පහරදීමක් හේතුවෙන් පසුගියදා (24) රාත්රි කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර සිට ඇති බවත්, වාට්ටු අංක 5 හි නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී අද අළුයම මියගොස් ඇති බවත් රෝහල් ප්රකාශකයෙක් කීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්දයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් කළුතර උතුර පොලිසිය දැනුවත් කර ඇති බවත් , මේ සම්බන්දයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බවත් පොලිසිය කීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කලේය.
කළුතර උතුර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.