පසුගිය 7 දා අළුයම සිය නිවසේදී කළුතර සේවකයකු කපාකොටා ඝාතනය කර ඇත්තේ අත් වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් හෙලිව ඇති බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
කළුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවක, දෙදරු පියෙකු වූ සුගත් ප්‍රසංග මහතා පදිංචිව සිටී කළුතර පනාපිටියේ පිහිටි නිවසට එදින අළුයම තියුණු ආයුධ රැගෙන කඩාවැදුන පිරිසක් දොර කඩා දරු දෙදෙනා ඉදිරිපිටදී කපාකොටා ඒ මහතාව ඝාතනය කර බිරිඳට කඩු ප්‍රහාරයක් එල්ලකර පලාගොස් තිබුණි.
ඒ අනුව පරීක්ෂණ කල කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතා ඇතුළු නිළධාරීන් ප්‍රදේශයේ සීසීටීවී දර්ශණ පරීක්ෂා කිරීමෙන් පසු කළුතර මෙනේරිතැන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට යොදාගත් තියුණු ආයුධ දෙකක් සහ ඝාතනය සැලසුම් කිරීම ට යොදාගත් නවීන ජංගම දුරකථනයක් සහ ඝාතනයට පැමිණි ත්‍රීරෝද රථය ද පොලිස් භරයට ගත්බව පොලිසිය කීය.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස ආසන්නේ පදිංචිව සිටින මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වෙනත් පුද්ගලයකු ඝාතනය කිරීමට ලද කොන්ත්‍රාත්තුවක් මත සැකකරුවන් පැමිණ ඇති අතර, එහිදී අධිකලෙස බීමත්ව සිටී පුද්ගලයකු ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභාවේ සේවකයාගේ නිවස පෙන්වීම නිසා සිදුවූ අත්වැරදීමකින් ඝාතනය සිදුව ඇති බවට ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බව පොලිසිය කියයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා


