කළුතර දකුණ දුම්රිය ස්ථානය අසල හැඩල් ලොක්කර නවතා තබන යතුරුපැදි සූක්ෂම ලෙස කලක පටන් සොරකම් කල පුද්ගලයකු යතුරුපැදි හතරක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු යතුරුපැදි අළුත්වැඩියා කරන්නෙකු බවද පොලිසිය කීය.
ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතාට ලද තොරතුරක් මත පයාගල ,මැටියලමුල්ල ප්‍රදේශයේ දී, සොරකම් කල යතුරුපැදියකින්ම ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමෙන් පසු සොරකම් කල තවත් යතුරුපැදි තුනක් සොයාගත් බව පොලිසිය කීය.
පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැව්රිදි සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
පානදුර සුමිත් පොතුපිටිය