කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව අද පස්වරුවේ කාන්තාවක අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය ලැගුම්ගෙන සිටී කළුතර ගාලුපාරේ පිහිටි සිසිලියන් වෝක් ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිද බව පොලිසිය කීය.
ඇය එදින ලැගුම්හලේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස කටයුතු කර ඇති අතර ,කළුතර ,කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැව්රිදි කාන්තාවක බවද සදහන් වේ.
ඇය වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හලේ නවාතැන් ලබාදී ඇති බව සදහන් වේ.
ජාතික හැදුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදුනොකර බාලවස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබාගැනීම සදහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .