කළුතර උතුර සමෘද්ධි බැංකුව හොරු බිඳී
කළුතර උතුර සමෘද්ධි බැංකුව අද(18දා) අළුයම කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් බිද එහි තිබූ ලැප්ටොප් පරිඝණක යන්ත්රයක් ඇතුළු උපකරණ සොරාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලීසිය පවසයි .
එහි කළමණාකාරිණිය වන දිල්රුක්ෂි ආරියවංශ මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ සිදුකර ඇති අතර, බැංකුවේ පිටුපස ජනේලයක් කඩා එහි ඇතුළු වී ඇති බවට තහවුරු වී ඇතැයි පොලිසිය කියයි .
පොලිස් පරීක්ෂණ නිමවන තෙක් , බැංකුව තුලට ඇතුළුවීමට අවසර ලබාදී නොමැති අතර ,ලැප්ටොප් පරිගණක යන්ත්රයක් සොරාගෙන ඇති බවට තහවුරුව ඇතත් , මුදල් සහ අනෙකුත් උපකරණ සොරකම් කර ඇති බවට පරීක්ෂණ නිමවන තුරු ප්රකාශ කළ නොහැකි බවත් කළමනාකාරිනිය පැවසීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබිණි.
කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පානදුර සුමිත් පොතුපිටිය

popular news
-
rocky Friday, 18 March 2022 09:47 AM
Kalutara Dakune, Isuru Uyana - 1 "Sanasa" bankuwatath denata awrudu keepekata issella wede dunna. No Pareekshana.! Horu ibetama Nidahas! Jayawewa !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

