කළුතර අවට ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
- 11 05 2020
- 13:08
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට(12) උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා විදුලිබලය සැපයීම අත්හිටුවීම නිසා මෙලෙස ජලය කපා හරිනු ලැබේ.
ඒ අනුව, වස්කඩුව,වාද්දුව,පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර(උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙම ජලකප්පාදුව බලපැවැත්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
