ආණමඩුව රඹෑවැව කළුගල් කැඩිමේ ස්ථාන පහකින් තම ගම්මාන වලට තර්ජනයක් බව පවසමින් රඹෑවැව ගම්වාසින් අද(17දා) ආණමඩුව හලාවත මාර්ගය වසා දමා දැවැන්ත විරෝධතාවයක නිතර වුහ.
රඹැවැව,සියඹලෑව,අම්පිටිගම,නැඹඩවැව හා කොරලයාගම යන ගම්මාන වල 200 කට ආසන්න පිරිසක් රඹෑවැව කළුගල් කැඩිම සිදුවන ස්ථාන වෙත ගොස් එම ස්ථාන ඉදිරිපිට පැයකට වැඩි කාලයක් පොස්ටර් කටවුට් හා බැනර් ප්රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර පසුව එම විරෝධතාකරුවන් ආණමඩුව හලාවත මාර්ගයේ රඹෑවැව මංසන්දියට පැමින විරෝධතාවයක් පවත්වන්නට ද විය.
ගම්මුන් එසේ විරෝධතාවයේ නිරත වෙද්දි එම ස්ථානයට පැමිනි කළුගල් කැඩිමේ ස්ථාන වල සේවකයින් 50 වැඩි පිරිසක් එම ස්ථාන වලට කඩා වැදි ගම්මුන්ගේ විරෝධයට විරෝධය මතු කරමින් මාර්ගයේ අනෙක් පස සිට විරෝධය පාන්නට විය.
මාර්ගයේ වම් පස ගම්වාසින් ද දකුණ පස කළුගල් වැඩ වල සේවකයින්ද පාර්ශව දෙකටම චෝදනා කරමින් හු කියමින් විරෝධය මතු කිරීමත් සමග එය උණුසුම් මුහුණු වරක ගෙන තිබුනි.
මෙම ස්ථානයේ දෙපිරිසම කණ්ඩායම් දෙකට විරෝධය මතු කරමින් තිබියදි ඇතිවන්නට ගිය ගැටුම්කාරි තත්වය වලක්වා ගැනිමට ආණමඩුව පොලිසියේ නිළධාරින් දැඩි පරිශ්රමයක් ගන්නා ආකාරය දැක ගත හැකි විය.
කළුගල් වැඩපලවල් පවත්වාගෙන යන ප්රධාන හිමිකාරිනියක් හා ඇතුළු අනෙක් හිමිකරුවන් පිරිස ද මෙම කළුගල් වැඩපල වල සේවකයින් සමග රැදි සිටිනු දැක ගත හැකි විනි.
ගම්මු ආණමඩුව හලාවත මාර්ගය සුළු කාලයකට වසා දැමිමත් සමග වාහන ගමනා ගමනයද නැවති තිබුනී. එහිදි මාර්ගය වසා දැමු ගම්වාසින් ඉවත් කිරීමට පොලිසිය උත්සහ කිරීමේදි පොලිසිය හා ගම්මුන් අතර උණුසුම් තත්වයක් මතුව තිබුනී.
කෙසේ වෙතත් පොලිසිය මාර්ගය වාහන ගමනා ගමනට දැඩි පරිශ්රමයක් දරමින් ඉඩ සලසන ආකාරය දැක ගත හැකි විනි.
කෙසේ වෙතත් පැය හතරකට ආසන්න කාලයක් විරෝධතාව පවත්වන්නට වු අතර එම ස්ථානයට පැමිනි ආණමඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරි කේ.ජී.එම් ජයතිලක මහතා ඇතුළු නිළධාරින් රඹෑවැව සුමනරතන හිමියන්ට පවසා සිටියේ කළුගල් සම්බන්ධ බලපත්ර නිකුත් කිරීම් කල සියලු නිළධාරින් ඉදිරි දිනකදි කේෂත්ර පරික්ෂණයක් පැවැත්විම සිදුවන බවත් එහිදි පත්ව ඇති තත්වය අදාල නිළධාරින්ට දන්වන ලෙසද පවසන්නට විය.
එයින් පසු විරෝධතාවයේ නිරත ගම්වැසියන් එම ස්ථානයෙන් ඉවත් විම සිදුවු අතර ගම්මුන්ට විරෝධය පෑ කළුගල් වැඩපල වල සේවකයින්ට ඉවත්ව යන ආකාරය දැක ගත හැකි විනි.
ආණමඩුව සහකාර පොලිස් අධිකාරි එච්.එම්.හේරත් මහතා සමග ආණමඩුව පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ජගත් කුමාර මහතා ඇතුළු නිළධාරින් 20 කට ආසන්න පිරිසක් මෙම ස්ථාන වල රාජකාරිවල නිරත වි තිබුනි.




