වනාතවිල්ලුව කළාඔයෙ මුරුන්දන්වේලි නාන තොටුපලට විනෝදයට දිය නෑමට ගිය පිරිසක හය දෙනෙකු ජල පහරකට ගසා ගෙන ගොස් ඇති බවත් එයින් එක් දරු පියකුගේ සිරුර හමුවි ඇතත් 20 හැවිරිදි තරුණීයකගේ සිරුර 3 දින සවස් වනතුරුද හමුව තිබු නැති බව වනාතවිල්ලුව පොලිසය කියයි.
මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ කල්පිටිය වෙල්ලමුන්දලම ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් සිටි එක් දරු පියකු වු ධීවරයකු වන (40) හැවිරිදි මොහොමඩ් ෆර්වින් නැමති අයකු හා ඔවුන් සමග දිව නෑමට ගොස් සිටි අලුත විවාහ වු 20 හැවිරිදි ෆාතිමා අෂ්ෆා නැමති තරුණියකී.
පරික්ෂණ වලට එක්ව සිටි වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් පවසා සිටියෙ 16 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස කල්පිටිය වෙල්ලමුන්දලම සිට ධීවර යාත්‍රා දෙකක පැමින ඇති අතර ඔවුන් ගගේවාඩිය දූපතේ සිට සැතපුම් දෙකකට වැඩි දුරකින් පිහිටි සංචාරකයින් මහත් සිත් ගත් නාන තොටුපලක් වන කළාඔයෙ මුරුන්දන්වේලි වෙත පැමින ඇති බව කියයි.
එසේ පැමිනි පිරිස මුරුන්දන්වේලි නාන තොටුපලේ දිය නාමින් සිටියදී මේ වන විටත් අතුරුදහන්ව ඇති 20 හැවිරිදි තරුණිය හා 15 හැවිරිදි දැරියක් ඇතුළු හය දෙනෙකු දිය රළකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහිදි මෙම පිරිසෙන් පස් දෙනෙකු බේරා ගැනිමට එම ස්ථානයෙ සිටි පිරිස් මහත් පරිශ්‍රමයක් දරා ඇති බව කියයි.
ගසා ගෙන යමින් සිටි පිරිසේ සිටි තම 15 හැවිරිදි දැරිය බේරා ගැනිමට දිය රළ සමග සටන් කල පියා තම දැරිය බේරා වෙනත් අයකුට ගොඩබිමට දැරිය රැගෙන යාමට සලස්වා ඉතිරි අය බේරා ගැනිමට යාමේදි එම පියා දිය රළකට හසුව ගසා ගෙන ගොස් ඇති බව කියයි.
පිරිසෙන් පස් දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනිමට සමත්ව තිබුනද මේ වන විටත් අතුරුදහන් ව ඇති 20 හැවිරිදි දින 15 කට පෙර විවාහ වු තරුණීය සොයා ගැනිමට හැකිවි නැති අතර ඒ සමගම දිය රළට හසුව ගසා ගෙන ගොස් තිබු 15 හැවිරිදි දැරියෙගේ පියා ගසා ගෙන ගොස් මරණයට පත්ව සිටියදී සිරුර සොයා ගැනිමට 3 දින වන විට හැකිව තිබුනී.
මෙම අවාසනාවන්ත සිද්දිය වාර්තා විමත් සමග වෙල්ලමුන්දලම ගම්වාසින් සිය විශාල පිරිසක් තම හිතවතුන්ට සිදුවු ඉරණමින් කම්පා වි අතුරුදහන් වු තරුණිය සොයා ගැනිමටත් අනිකුත් පිරිස රැගෙන යාමටත් යාත්‍රා 100 කට අධික සංඛ්‍යාවකින් කළාඔයට පැමින යාත්‍රා රදවා තිබේන අයුරු දැක ගත හැකි විනි.
කළාඔයෙ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහල ගොස් තිබේන පසුබිමක විනෝදය පිරිස බෝහෝ පිරිසක් මුරුන්දන්වේලි නාන තොටුපල වෙත පැමින ආහාර සකසා ගෙන එහිම රැදි සිටිමින් විනෝද විම සිදුවන ආකාරය දැක ගත හැකිය.
ගගේවාඩිය සිට මෙම පිරිස අධික ජල කදක් මැද මෙලෙස ජීවිත අවධානමක තබා දිය නෑමට පැමිණිම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත ඉරණම් වලට මුහුණ දීමට සිදුව ඇති බව කියයි.
අදාල ස්ථානය නිරික්ෂණයට පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක බදුර්දීන් හිසාම් මහතා ගොස් අදාල සිද්දිය පිළිබදව තම පරික්ෂණය පැවැත්විමට කටයුතු කර දිය රළට හසුව ගසාගෙන ගොස් හමුවු 15 හැවිරිදි දැරියගේ පියාගේ සිරුර වනාතවිල්ලුව ප්‍රථමික රෝහලින් පශ්චාත් මරණ පරික්ෂණ සදහා පුත්තලම මූලික රෝහලට යැවිමට කටයුතු කෙරුණී.




