කොළඹ මහනගර සභා මන්ත්‍රීන්ට කෝටියක තෑග්ගක්
කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු 119 දෙනාට නොමිලේ ටැබ් පරිගණක හා ස්මාට්ෆෝන් ලබාදීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ.
මෙම යෝජනාව පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති වුවද, යෝජනා මට්ටමින් පවතින බව දැන ගන්නට ලැබේ.
මේ අතර, කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාව නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව මගින් ස්ථිර කර තිබෙන බවද වාර්තා වේ.
මෙම යෝජනාව පසුගිය ජූලි 26 වැනි දින මහා සභා රැස්වීමට නගරාධිපති රෝසි සේනානායක මහත්මීය ඉදිරිපත් කර තිබුණි.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)
කොළඹ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස පත්වූ රෝසි සේනානායක මහත්මිය.
popular news
-
Champa Monday, 20 August 2018 08:32 AM
මෙයාට පිස්සු හැදිලද කොහෙද? ආණ්ඩුවේ හැමෝටම ඔයි ලෙඩේ තියෙනව. අවුරුදු 26ක්ද කොහෙද තිස්සේ සල්ලි දැකල නැතුව ඉඳල UNP ආණ්ඩුව ආහු ගමන්, තනතුර ලැබුණු ගමන් සල්ලි දැකල පිස්සු හැදෙනවා. ඉතින් බෙදා ගන්න හදනවා හිතේ හැටියට. මතක නැහැ මේ සල්ලි තමන්ගේ නෙමෙහ්යි කියලා. නගර සභාවට සල්ලි තිබ්බ කියලා අනවශ්‍ය වියදම් කරන්න අයිතියක් නැහැ. මේවා මිනිස්සුන්ගේ බදු මුදල්. කොළොඹ නගර සභවට බදු සල්ලි surplus එකක් තියෙනව නම්, ඒවා ආපිට බදු ගෙවපු මිනිස්සුන්ට බෙදල දෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආදායමේ හැටියට. ඒ කියන්නේ අඩු අදායම් ලබන මිනිස්සුන්ට ටිකක් වැඩිපුරත් වැඩි ආදායම් ලබන මිනිස්සුන්ට අඩුවෙනුත්. හලෝ මුදල් ඇමතිතුමා වහාම නගරයේ බදු අඩු කරන්න ඕනේ. රෝසිට දන්නේ නැහැ වැඩිපුර තියෙන සල්ලි වලින් කරන දේවල්. එයාගේ නිල නිවස මිලියන් ගානක් දීල අලුත්වැඩිය කළා. gold plated toilet හැදුව. සභිකයන්ට පඩිත්වැඩි කරන්න හැදුව, කරාද මන්ද. දැන් මේ කෝටියක් වියදම් කරනවා tab සහ smart phones දෙන්න. කෝටියක්! යකාගේ වැඩක්නේ මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

