කිලිනොච්චිය පුනරීන්, වෙට්ටකාඩු පදේශයේදී නීතිවිරෝධීව සඟවා තිබූ වියලි කහ කිලෝ 2000 ක් සහ කෘමිනාෂක බෝතල් තොගයක් ඊයේ (04දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි.
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංකයේ යුද හමුදා නිලධාරීණ්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව අදාල කහ සහ කෘමිනාශක තොගය වෙට්ටකාඩු ප්රදේශයේ කැලෑවක සඟවා තිබියදී සොයාගනු ලැබීය.
අදාල වියලි කහ තොගය පොහොර උර 65 ක සහ කෘෂිනාශක තොගය උර 03 ක දමා සඟවා තිබුණු අතර මෙම වියලි කහ සහ කෘමිනාශක තොගයන් නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් වෙනත් ප්රදේශයකට රැගෙන යාම සඳහා මෙම ස්ථානයේදී ජාවාරම් කරුවන් විසින් සඟවා තබන්නට ඇති බවට යුදහමුදාව සැකපල කර සිටියි.
සොයාගත් වියලි කහ සහ කෘමිනාශක තොගය රැගෙන ආ පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පුනරීන් පොලීසිය වෙතට භාරදීමට පියවර ගත් බවටද යුදහමුදාව වැඩිදුරටත් පැවසීය.
