මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ නාවික හමුදාව ඊයේ (19දා) රාත්රියේ , සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්රෑම් 989 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ත් 51 ත් අතර, වයසේ පසුවන මන්නාරම ප්රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සිව්දෙනා සහ වියලි කහ කිලෝ 989 ග්රෑම් 884 ක තොගය සහ ඩිංගි යාත්රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතය.
