කහවත්ත ප්රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 30 වැනිදා රාත්රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු මෙම සිද්ධියට මුහුණ දුන් අතර, ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව අනෙක් පුද්ගලයාට තුවාල සිදුවිණි.