නිසි අවසරපත්‍රයක් නොමැතිව තේ අපද්‍රව්‍ය කිලෝ 6594 ක් ( හයදහස් පන්සිය අනු හතරක් ) ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා ( 14 දා ) වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආගරලපතන සිට බදුල්ල ප්‍රදේශයට මෙම තේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල මංසන්ධීයේ රථ වාහන පරික්ෂාවක යෙදී සිටි වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ. ලොරි රථය නවතා පරික්ෂා කිරීමේදී එහි තුල තිබී තේ අපද්‍රව්‍ය කිලෝ 6594 ක් තිබී ඇති අතර ඒවා ප්‍රවාහනය සදහා නිසි බලපත්‍රයක් තිබී නොමැති අතර ලොරි රථයේ රියදුරු හා රිය සහයක ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ආගරපතන සිට මෙලෙස මෙම කසල තේ බදුල්ල ට ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් මේවා ප්‍රවාහනය සදහා මොවුන් සන්තකයේ තිබී ඇති බලපත්‍රය කල් ඉකුත් වුවක් බවත්ය.
