තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල අංගණයට විනාශ කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරය විසින් භාර දි තිබු කල් ඉකුත් වු ඖෂධ තොගය අද (03දා) එම රෝහලේම වාහනයකින් යලිත් රෝහල වෙත රැගෙන ගිය බව තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පැවසිය.
නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරියා විසින් තලවකැලේ ලිදුල නගර සභාවට මිට මාස දෙකකට පමණ ප්‍රථම කල් ඉකුත් වු කිලෝ 280ක ඖෂධ තොගයක් විනාශ කරන ලෙස එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත ලිඛිතව භාර දි තිබුණි.
එම ඖෂධ තොගය විනාශ කිරිමට නගර සභාවේ කසල දහකය ක්‍රියාත්මක කිරිමට ඉන්ධන නොමැති නිසා එම ඖෂධ තොගය විනාශ නොකර තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල අංගණයේ ස්ථාන කිහිපයක ගබඩා කර තිබු අයුරු ඊයේ (02දා) මාධ්‍ය මගින් හෙලිදරව් කිරිමත් සමග අද (03දා) එම ඖෂධ තොගය යලිත් රෝහල වෙත රැගෙන ගොස් ඇත.
නුවරඑලිය දිස්ත්‍රික් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතාගෙන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ තම කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ ලය චිකිත්සාගාරයේ සේවකයින් පිරිසක් තලවකැලේ ලිදුල නගර සභාව වෙත යවා එම ඖෂධ තොගය යලිත් රෝහල වෙත ගෙන්වා ගත් බවයි.
2008 වසරේ සිටම ලය චිකිත්සාගාරයේ තිබු කල් ඉකුත් වු ඖෂධ තොගය විනාශ කිරිමට යොමු කර තිබු බවත්, යලිත් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන්වා ගත් කල් ඉකුත් වු ඖෂධ තොගය තෙල්දෙණිය දිස්ත්‍රික් මහ රෝහලේ කසල දහකය වෙත විනාශ කිරිමට යොමු කිරිමට පියවර ගෙන ඇති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතා පැවසිය.