ක්ෂේත්‍ර රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය වාහන 164ක් රාජ්‍ය ආයතනවලට
ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය ගිලන් රථ 50ක් , ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62 ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඒ අනුව ගිලන් රථ 50 සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සුවසැරිය ගිලන් රථ සේවයට ලබාදීම සිදු වූ අතර ජල බවුසර් සහ ඩබල් කැබ් රථ වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන වෙත ප්රදානය කෙරිණි.
ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙළිය රඹුක්වැල්ල, සී.බී. රත්නායක යන අමාත්‍යවරුන්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යතුමිය සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ප්රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

