කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නැවතත් ගොවිජන මන්දිරයට - විදුර
කෘෂිකර්ම අමාත්‍යාංශය , රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට අත්තනෝමතික ගිවිසුමකට එළැඹුණු සියල්ලන් වෙනුවෙන් නඩු පවරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (23දා) පාර්ලිමේන්තුවට පැවසීය.
මීට පෙර රාජගිරිය ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට රැගෙන ගිය බවත් අද (23දා) පෙරවරුවේ එහි කටයුතු ආරම්භ කළ බවත් වික්‍රමනායක මහතා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරැ දෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු නීතිඥයින් මේවනවිට කටයුතු කරමින් සිටින බවද පැවසු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,
"අපි පිළිගන්නවා මෙහි සිදුවෙලා තිබෙන්නේ වංචාවක් දුෂණයනක් වගේම අත්තනෝමතික ක්‍රියාවක්. මේගැන අපි විපක්ෂයේ ඉද්දිත් විචේනය කළා. මේ ගොඩනැගිල්ලෙන් ඉවත්වීමක් ලෙස රාජ්‍ය ආමත්‍යවරයාගේ කාර්යාලය පරණ ගොඩනැගිල්ලට ගියා. ඉතුරු ටිකත් ඉදිරියේදී කරනවා වගේම රාජ්‍ය අමාත්‍යවරයා විදිහයට මේ ගිවිසුම් ඉදිරිපත් කිරීම ගැන නීති මාර්ගයට යන්න තීරණය කළා.
මේ පුද්ගලික ගොඩනැලිල්ට අමාත්‍යාංශය ගෙනගියා කියාල ගොවීන්ට වුණ කිසිම සහනයක් නැහැ. නඩු පැවරීමට මේ වනවිට නීතිඥයෝ අදාළ කටයුතු කරනවා. පුරවැසියන් ලෙස අපිට තිබෙන අභිමානය කෙලසන්නේ මේවගේ වැඩ වලින්."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

