කලුතර වෙඩි තැබිමට සම්බන්ධ සැක තිදෙනෙක් අල්ලයි
ඒ අනුව විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු 2026.09.09 වන දින රාත්‍රී වාලච්චේන පොලිස් වසමේ නාවල් හන්දිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා වාලච්චේන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් සමඟ අත්අඩංගුවට ගෙන වාලච්චේන පොලිස ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 35 ක් වන පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක්, සිම්පත් 06 ක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.10.15 වන දින දක්වා ලබාගත් රැඳවුම් නියෝග මත වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර එම සිදුවීමට අදාළවම කළුතර දකුණ පොලිස් ස්ථානය මඟින් සිදුකරන විමර්ශනවලට අදාළව නිලධාරින් වෙත ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු 2026.09.10 වන දින රාත්‍රී බෝම්බුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 19 හා 39 වයස්වල පසුවන බෝම්බුවල, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

